ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අර්බුදය සහ අරගලය' : 'කලාව යොදා ගන්න ඕනා මිනිස්සු වෙනුවෙන් අපි මැදිහත් වෙන්න'
Published
රටේ ආර්ථික, දේශපාන අර්බුදය සහ ඊට පොදු ජනයා ගෙන ගිය අරගලය පිළිබිඹු කරන කලා ප්‍රදර්ශනයක් පෙබරවාරි 07 වැනිදා කොළඹ දී ආරම්භ කෙරිණි.
''අර්බුදය සහ අරගලය'' ලෙස නම් කර ඇති එම කලා ප්‍රදර්ශනය පෙබරවාරි 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.
"ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය" සාමූහිකයේ සහය ඇතිව සුජිත් රත්නායක මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරයි.
සමාරම්භක අවස්ථාවේදී 'අරගලයට' සක්‍රීයව දායක වූ කලාකරුවෝ සිය ප්‍රකාශන මාධ්‍ය හරහා ජනතා විරෝධය පාලකයන්ට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහ.