පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත: 'මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය හමුදාවට කරන්න පුළුවන් එකක් නෙමෙයි'

Published

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම සිදු කළ යුත්තේ හමුදාව යටතේ නොව පුහුණු වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් යටතේ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

එසේ නොමැතිව හමුදාව යටතේ එම කටයුතු සිදු කරන්නේ නම් ඉන් සිදුවන්නේ විනාශයක් පමණක් බව ඔහු අවධාරණය කරයි.

ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳව BBC සිංහල සේවයට අදහස් දක්වමින් පුබුදු ජාගොඩ මේ බව කියා සිටියේය.

අදාළ පනතින් ආණ්ඩුව අපේක්ෂා කළ අරගලකරුවන් සහ විරුද්ධවාදීන් මර්දනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා පරාජය කළ ද රටේ පවතින තත්ත්වය හමුවේ අදාළ පනත සම්මත කර ගැනීම සැක සහිත බව මානව හිමිකම් නීතිඥ, භවානි ෆොන්සේකා ද පැවසුවාය.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පෙන්වා දෙන්නේ මෙය විරුද්ධවාදීන් මර්දනය සඳහා ඉදිරිපත් කළ එකක් නොවන බවය.