ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරියාවේ තෙරපීමකින් බොඳවූ සිහිනය : ''පිහිටට හිටියේ පුතා විතරයි. දේහය ඉක්මනින් ගෙනත් දෙන්න.''
Published
දකුණු කොරියාවේදී සිදුවූ තෙරපීමකින් මියගිය මොහොමඩ් ජිනාත්ගේ දේහය කඩිනමින් ගෙන්වා දෙන්නැ යි ඔහුගේ ඥාතීහු අද (ඔක්තෝම්බර් 31) විදේශ අමාත්‍යාංශයේ මහනුවර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයට ගොස් ඉල්ලීමක් කළහ.
27 වැනි වියේ පසුවූ ජිනාත් මහනුවර, උඩතලවින්නේ පදිංචිව සිටි අයෙකි.
ඔහු සිය විවාහයෙන් පසු, මීට මාස එකහමාරකට පමණ පෙර, යළි කොරියාවේ රැකියාවට ගොස් තිබිණි.
29 වැනිදා රාත්‍රියේ උත්සවයක දී සිදුවූ තෙරපීමෙන් ඔහු ඇතුළු පුද්ගලයෝ 153ක් මරණයට පත්වූ අතර 80කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ.