අන්තරේ විරෝධය : ''දුවපියව්...දුවපියව්'' ''පාර වැහුවේ අපිද යකෝ''

Published

රජයේ මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.

අද (ඔක්තෝම්බර් 18) කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සරසවි සිසුහු කොළඹ - නුවර මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළහ.

ඒ අවස්ථාවේදී පොලීසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය අවහිර නොකරන ලෙසයි.

එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර සරසවි සිසුන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනිණි.

මේ පිළිබඳව BBCය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පා ගමනට පොලීසියෙන් අවසර ගෙන නොතිබූ අතර රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මර්දනයක් නොවන බවයි.