ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අතුරුදහන්වූවන් ගැන අහනකොට කුකුළ් පැටවූ, එළුවෝ දෙන්නද අහනවා.''
Published
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන්ද මේ දක්වා යුක්තිය ඉටුවී නැතැයි සත්‍යවේල් පියතුමා පවසයි.
එබැවින් ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්නැයි ඉල්ලා අතුරුදහන්වූවන්ගේ ඥාතීහු අද (ඔක්තෝම්බර් 17) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාර දුන්හ.
ඔවුන් අවධාරණය කළේ තම ඥාතීන්ට සිදු වූ දේ ගැන විමසන විට කුකුළු පැටවූ සහ එළුවන්, රුපියල් ලක්ෂ දෙකක වන්දියක් හා මරණ සහතික වැනි දෑ ලබා දීමට පාලකයන් ක්‍රියා කරන බවයි.