ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික මට්ටමේ රන් පදක්කමක් දිනූ පළමු ආදිවාසියා : ''පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් තුන්වේල කන්නේ අමාරුවෙන්.''
Published
47වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ 42Km මැරතන් තරගයේ ශුරයා බවට පත්වෙමින් රන් පදක්කම දිනාගත් තලාවරිගේ රත්නපාල ක්‍රීඩා තරඟයකින් ජාතික මට්ටමින් ලද ඉහළම ජයග්‍රහණය වාර්තා කළ ආදිවාසී සාමාජිකයා බව ආදිවාසී නායකයා ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.
එම මැරතන් ශුරයා හෙනානිගල දකුණ ආදිවාසී ගම්මානයේ ජීවත්වේ.
''මට පහසුකම් කියලා තියෙන්නේ ජානමය ශක්තියයි, පරිසරයයි'' ''පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් තුන්වේල කන්නේ අමාරුවෙන්.'' යනුවෙන් තලාවරිගේ රත්නපාල බීබීසීයට පැවසුවේය.