අන්තරේ විරෝධතාවයට අදත් කඳුළු ගෑස් ප්‍රහාරයක් ; 'මහත්තුරු ඉන්න මම කකුල් දෙක දාගන්නකන්. දැන් අරන් පලයල්ලා.''‌

Published

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට පොලීසිය අදත් (අගෝස්තු 30) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

මෙහිදී විසිදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අවස්ථා කිහිපයකදී දැනුවත් කළ ද විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම නිසා මෙලෙස විසුරුවා හැරීමට පියවරගත් බව පොලීසිය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් ඉල්ලමින් මේ විරෝධතාවය සංවිධානය කර තිබුණි.