ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Published
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මින් සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත භාරදුන් බවට කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.
කෙසේ වෙතත්, ඔහුට එය එවා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් බැවින් කථානායකවරයාට එම ලිපිය ජනපතිවරයාට කතා කිරීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය නැවත තහවුරුකර ගැනීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට පිළිගත හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවට කථානායකවරයාගේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසීය.