ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරගලකරුවන් අත්පත් කරගත් මන්දිරවලින් ඉවත් වෙයි
Published
මන්දිර අත්හැරිය ද සටන ආපසු හැරවීමේ සුදානමක් නැතැයි අරගලකරුවන් අවධාරණය කළහ.ඒ අතර බිය වැද්දීමෙන්, කුමන්ත්‍රණ වලින් හෝ මර්දනයෙන් අරගලය ආපසු හැරවිය නොහැකි බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිහිපත් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
අරගලකරුවන් විසින් මෙතෙක් අත්පත් කරගෙන තිබු ප්‍රධාන ගොඩනැගිලි මොනවාද?
ඒ අනුව සංකේතාත්මකව මෙතෙක් අත්පත්කරගෙන සිටි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්හැරීමට තමන් සුදානම් බව ද අද (ජූලි 14) අරගලකරුවෝ පැවසුහ.