ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අපෝ දැක්කා...දැක්කා. ලොක්කා ගත්ත සැප හොඳටම දැක්කා.''
Published
අරගලකරුවන් අත්පත් කරගත් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දැකබලා ගැනීම සඳහා අද දිනයේද (ජූලි 11) විශාල පිරිසක් පැමිණියහ.
ඔවුන් බොහෝ දෙනෙකු පැවසුවේ තමන් කිසි දිනෙක දැක නුදුටු මෙම මන්දිර දැකබලා ගැනීමට ලැබීම ගැන සතුටු වන බවයි. කොළඹට පැමිණීමට නොහැකි වුව ද මාධ්‍ය ඔස්සේ මන්දිර නරඹන ලද පිරිසක් ද බීබීසීයට අදහස් පළ කළහ.
''ලොක්කා ගත්ත සැප හොඳටම දැක්කා. අපි පෝලිම්වල දුක් විඳිනවා.'' ''ජීවිතයට බලන්න ලැබෙන්නේ නැහැ. එකයි දරුවෝ එක්ක ආවේ.'' ආදී වශයෙන් ඔවුහු සඳහන් කළහ.