ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය ; දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා කාන්තාවෝ රනිල්ගේ නිවසට යති
Published
රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගයේ වනිතා බලවේගය අගමැතිවරයාට ලිපියක් භාර දීමට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ජනාධිපතිවරයා සමග අගමැතිවරයා ද ඉවත්විය යුතු බව කොළඹ 07, පස් වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවාස අසළට පැමිණි ඔවුහු ඉල්ලා සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පැමිණ තිබුණි.