ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනපතිගේ නිවස වැටලීම පිටුපස අන්තවාදය ද? ත්‍රස්තවාදය ද ?
Published
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසළ වූ කලහකාරී සිදුවීම පිටුපස අන්තවාදය ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අද (අප්‍රේල් 01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවටම සහභාගී වූ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ මෙය ත්‍රස්තවාදය බවයි.
ඔවුන් පරස්පර අදහස් පළ කිරීම ගැන මාධ්‍යවේදීහු දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළහ.