රටේ පවතින අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනපති ගෝඨාභය කියයි

Published

රටේ පවතින අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 16 වැනිදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ එදා මේ අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී තමා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දීමට බවයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන ද අදහස් පළ කළ ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරත් කියා සිටියේ තෙල් හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කර ජනතාවටත් රට වෙනුවෙන් සහය දිය හැකි බවයි.