ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19 ; කොරෝනා පාලනයට ශ්‍රී ලංකාවෙන් නව 'තොප්පියක්'
Published
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා වෛරස විනාශ කළ හැකි තොප්පියක් හඳුන්වා දීමට තමන්ට හැකිවූ බව විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ පවසයි.
රසායනික ද්‍රව්‍ය ගලවන ලද තොප්පිය භාවිත කිරීමෙන් හිස, ගෙල සහ නළල ප්‍රදේශයට පතිතවන වෛරස ස්වසන මාර්ගයට ඇතුළු වීම අවම කරගත හැකි බව ඔහු බීබීසීයට පැවසුවේය.
විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මීට පෙර ඩෙංගු මර්දනය සඳහා ගස්ලබු කොළ භාවිත කර ඖෂධයක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාවේ හොඳම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය 2016 වසරේදී හිමි විය.