ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''මෛත්‍රීපාල සිරිසේනට නඩු නොපවරන්නේ තුනෙන් දෙකේ බලය රැක ගන්නද?''
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නඩු නොපවරන්නේ තුනෙන් දෙකේ බලය රැක ගන්නදැයි අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අද (පෙබරවාරි 17 වැනිදා) ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පියතුමා අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන සම්පුර්ණයෙන්ම වගකිව යුතු බවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා 2021 නොවැම්බර් 26 වැනිදා කළ ප්‍රකාශය සහ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු වුව ද එය මේ දක්වා සිදු වී නොමැති බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රශ්න කරන්නයි ඉල්ලා ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2021 දෙසැම්බර් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර ඒ ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පියතුමාව අද කැඳවා තිබුණි.
සබැඳි විෂයයන්