ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු සිදු කෙරේ
පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු අද (දෙසැම්බර් 08) ගම්පහ, ගණේමුල්ලේදී සිදු කෙරුණි.
පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණි.
සැකකරුවන් සීයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙරටේම රජයන් පවුලේ සාමාජිකයන්ට ලබා දෙන සහන ගැන පවසා තිබේ.
මාධ්‍ය වාර්තා වලින් දැනගත් ආකාරයට විමර්ශන සිදුකෙරෙන ආකාරය ගැන සෑහීමකට පත්විය හැකි නමුත් ඒ ගැන නිල වශයෙන් දැනුවත් කිරීම වැදගත් බව ප්‍රියන්ත කුමාරගේ වැඩිමහල් සොහොයුරා බීබිසියට පැවසුවේය.