ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුරු වර්ජනය ; 25 වැනිදා සිට පාසලට එන ගුරුවරුන්ගේ ඉදිරි සැලසුම් මොනවා ද ?
Published
ඔක්තෝබර් විසි පස් වෙනිදා සිට යළි සේවයට වාර්තා කිරීමට ගත් තීරණය අරගලයේ ස්වභාවය වෙනස් කිරීමක් මිස වර්ජනය අත්හැරීමක් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
රජයට විරෝධය පළ කිරීමක් ලෙස ඔක්තෝම්බර් 21 සහ 22 ඔවුන් නම් කළ දිනවල ගුරුවරු සේවයට වාර්තා නො කරන බව ද ඔහු සඳහන් කළේ ය.
බීබීසී සිංහල සේවය සමඟ කළ සංවාදයකදී දරුවන්ට මගහැරුනු අධ්‍යාපන කටයුතු ආවරණය කරන්නේ කෙසේද යන්න ගැන සහ වර්ජනය අත්හැරීම ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී.