ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුරු විදුහල්පති අරගලය සාධාරණ ද? රජයේ ප්‍රතිචාරය පිළිගත හැකි ද?
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා විසඳනු. නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනත වහා හකුලගනු," යනුවෙන් රජයට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු අද පිළියන්දල දී විරෝධතාවක නිරත විය.
"දවසට රුපියල් 1100ක්, 1200ක් ගන්න ගුරුවරයෙක් ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න. අවුරුදු 24ක් තිස්සේ අපේ ප්‍රශ්නය විසඳලා නෑ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාස්තිකාර වැඩ වලට සල්ලි තියෙනවා," යනුවෙන් මෙම විරෝධතාවට එක් වූ ලංකා ගුරු සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත ලියනගමගේ පැවසීය.
දින ගණනාවක සිට විවිධ නගර කේන්ද්‍ර කරගෙන මෙම විරෝධතා සිදු කෙරේ.
කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ රට අසීරු තත්වයකට පත්ව ඇති මොහොතක, මේ ගැටලුව විසඳිය යුතු යයි සිතන රජයකට එරෙහිව කටයුතු කිරීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බවයි.
කියවන්න: