ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටි සිංහයන්, ව්‍යාඝ්‍රයන්, හිපපොටේමස් සහ රයිනෝ සිටි බවට හමුවූ සාක්ෂි ගැන ඔබ දන්නවාද ?

Published

අතීතයේදී ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සිංහයන්, ව්‍යාඝ්‍රයන්, හිපපොටේමස්, ගවරා සහ රයිනෝ ඇතුළු සතුන් ජීවත් වූ බවට සනාථ කළ හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂි රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් පතල් ආශ්‍රිතව ලැබී තිබේ.

ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය සතුන් රත්නපුරය කෞතුකාගාරයට අයත් භුමියේ මේ වනවිට ජීවමාන ප්‍රමාණයට ප්‍රතිනිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සිංහයන් ජීවත් වූ බවට දැනට අප සතුව ඇති එකම පුරාවිද්‍යාත්මක සාක්ෂිය වන්නේ ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන සිංහයෙකුගේ චාර්වක දතක් පමණි. එය 1936දී රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ඒදන්ඩෙවල, පන්විල ප්‍රදේශයේ මැණික් පතලකින් සොයාගත් එකකි.

අවුරුදු එක්ලක්ෂ පනස්දහසක් හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ සිංහයන් සහ හිපපොටේමස් එකම කාල පරිච්ඡේදයක ජීවත් වූ බවට විශ්වාස කරන බව සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේය.

නිෂ්පාදනය

ෂර්ලි උපුල් කුමාර