කැස්බෑවන් මිය යන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂ විමෙන්ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 1

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමත් සමග රටේ විවිධ ප්‍රදේශවලින් මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු ගොඩගැසීමට පටන් ගෙන තිබේ. විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබන බොහෝ දෙනා මෙම මත්ස්‍යයන් සහ කැස්බෑවන් මිය යාමට, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වූ රසායන ද්‍රව්‍ය හේතුවන්නට ඇතැයි සැක පළ කරති.

පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තවත් සටහනකින් කියැවුණේ උණවටුන මහුදු තිරයේ කැස්බෑවුන් තිදෙනකු නිතර දක්නට ලබෙන නමුත් ඔවුන්ව පසුගිය දින කිහිපයේදී දක්නට නොලැබුණු බවකි.

මේ අතර උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවකුගේ සිරුරක් සොයාගනු ලැබීමෙන් පසු එම කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින්දැයි සොයා බැලිම සඳහා කැස්බෑවා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ලබා ගැනිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ බ්‍රහස්පතින්දා (ජුනි 03) නියෝගයක් කළාය.

මියගිය කැස්බෑවාගේ සිරුර බදාදා (ජුනි 02) උණවටුන වෙරලට ගොඩගසා තිබු අතර ඒ බව හික්කඩුව වනජිවි උද්‍යාන භාරකාර කාර්යාලයට දැනගන්නට ලැබී ඇත. පසුව අධිකරණයට කරුණු වාර්තා කළ එම කාර්යාලය කැස්බැවා මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය විෂ විමකින්දැයි සොයා බැලිම සඳහා අත්තිඩිය වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් නැවේ ප්‍රවාහනය කරමින් තිබු රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පෙලට්ස් විශාල සංඛ්‍යාවක් මුහුදු ජලයට එකතුවීම නිසා සමුද්‍ර පරිසරයට විශාල හානියක් සිදුවී ඇති බවත් මෙහි බලපෑම වසර ගණනාවක් යනතුරු පවතිනු ඇති බවත් පරිසරවේදීහු පවසති.

මේ ගැනත් දැනගන්න: