ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ්: ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 'කොවිඩ් මර්දන එන්නත්' ලබා ගැනීම සුදුසුද ?
ශ්‍රී ලංකාවේ ගර්භනී මවුවරුන් 480ට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 අසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
කොවිඩ් පළමු සහ දෙවෙනි රැල්ලේදී අසාදිත මවුවරුන් වාර්තා වුයේ 200ට අඩුවෙනි. එහෙත් ගතවූ සති දෙක තුළ රෝගීන් වාර්තා වීමේ කැපීපෙනෙන වැඩිවීමක් පෙන්වයි.
ගර්භනී මවුවරු, කිරි දෙන මවුවරු සහ දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට කොවිඩ් 19 සඳහා දෙන එන්නත් ලබා ගැනීම ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිර්දේශ කරන බව බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියා සිටියේය.