කොවිඩ්: දත්ත වලින් නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බව PHI සංගමය කියයි

Published

කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ''බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්'' බවය.

සඳුදා (මැයි 10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එම අදහස් පළ කළේය.

මේ අතර පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා, හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද මාධ්‍යයට අදහස් පළ කළේය.

ඔහු කියා සිටියේ පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී දින තුනක් තුළ අදාළ වාර්තා ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.