ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් - 19: ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා ඉදිවූ විශාලතම රෝහල මේ සතිය තුළ විවෘත කෙරේ
සීදූවේ ඉදි කළ ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 රෝගීන් සඳහා වූ විශාලතම රෝහල මෙම සතිය තුළ විවෘත කිරීමට යුද හමුදාව සැලසුම් කර තිබේ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා වනවිට එය විවෘත කළ හැකි බවය.
ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද නම් කර අවසන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
පුද්ගලික ආයතනයකට අයත් පරිශ්‍රයක යුද හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකරන ලද නව රෝහල ඇඳන් 1200 කින් සමන්විතය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් ස්ථාපනය කර ඇති බවය. එම මධ්‍යස්ථානවල ඇඳන් 19,000ක් පමණ කොවිඩ් - 19 රෝගීන් සඳහා වෙන්කර තිබේ.