කොවිඩ් 19: නිරෝධායන නීතිය කැඩූ අයව පොලිසියෙන් ඔවසවාගෙන යයි...පුද්ගලයන් 5922ක් අත්අඩංගුවට

Published

නිරෝධායන නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සිකුරාදා (මැයි 07) කොළඹ පිටකොටුවේදී ක්‍රියාත්මක කෙරිණි.

මුහුණු ආවරණ නොමැති වීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම මත පොලීසිය විසින් පුද්ගලයන්ව ඔසවාගෙන ගොස් බස් රථවලට දමා ගන්නා අයුරු එහිදී දක්නට ලැබුණි.

මැයි 06 වැනිදා කළ මෙහෙයුම් වලින් පුද්ගලයන් 436 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත එක් දිනක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම සංඛ්‍යාව එය වේ.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්හ වූ 2020 ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා පුද්ගලයන් 5922ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.