ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය: පියා අහිමිව තුවාල ලැබූ 'දිරිය තරුණියක්' යුක්තිය උදෙසා කරන ආයාචනය
පාස්කු ඉරු දින එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර වලින් පියා අහිමිකොට තමන් සහ නැගණියට තුවාල සිදු කළ ද එම බෝම්බකරුවන්ට තමන්ගේ සිහිනය විනාශ කිරීමට නොහැකි වූ බව ග්ලෝරියා ජෝර්ජ් බීබීසී සිංහල සේවයට පැවසුවාය.
2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගිය අවස්ථාවේදී ඔවුහු බෝම්බ ප්‍රහාරයට ලක්වූහ.
වත්තල, ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා මේ වන විට වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අගරදගුරු කාර්යාලයේ 'සෙත් සරණිය' සංවිධානයේ තාවකාලික රැකියාවක ද නිරත වන්නීය.
''අද එක එක්කෙනා විවිධ කතා කියනවා. මට දැනගන්න ඕනා මගේ තාත්තාව මරපු හේතුව. ඒක මිනීමැරුමක්ඒ. ඒකට යුක්තිය ඉටු වෙන්න ඕනා. මම වගේ අද කීදෙනෙක් වේදනා විඳිනවාද? යුක්තිය වෙනුවෙන් නැගී සිටින්න අනිත් අයත් එකතු වෙන්න කියල මම ආරාධනය කරනවා.'' යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයේදී කියා සිටියාය.
නිෂ්පාදනය / පටිගතකිරීම / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර