සිංහරාජය: අනාගත ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් "ලෝකයේ දෙවැනි තැනට"

Published

අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජ වනාන්තරයට හිමි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය.

සිංහරාජයෙන් අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම රුපියල් බිලියන 20කි.

එමෙන්ම දැනට සිදුකර ඇති ගණනයන්ට අනුව සිංහරාජයේ ගබඩාවී ඇති කාබන්වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ගණන් බලා තිබේ.

පාරිසරික ආර්ථික විද්‍යාවේ දැනුම භාවිත කර සිංහරාජයෙන් ලැබෙන තවත් ප්‍රයෝජන කිහිපයක ආර්ථික වටිනාකම ගණනය කර ඇත.

නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර

මේ ගැනත් දැනගන්න: