සිංහරාජය: 'කිව්වට බෑ, ලිඛිතව දෙන්න' - පරිසරවේදීන් යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන්ගෙන් ඉල්ලයි

Published

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.

එවැනි එකඟතාවකට පැමිණියේ නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.