ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසර: භාග්‍යා හෙළි කළ වන විනාශය ගැන ගුරුගේ පවුලේ හා බලධාරීන්ගේ ප්‍රතිචාරය
ව්‍යාපාරික 'ගුරුගේ' පවුලට අයත් ඉඩමක සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ඇල මාර්ගය අවහිර කිරීම නීති විරෝධී බැවින් එම අවහිරතා ඉවත් කිරීමට පියවරගත් බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.
2019 නොවැම්බර් 20 දිනය සහිතව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කෙරුණි. ඒ අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ඉඩම සිංහරාජයේ නව මායිමට ආසන්නවන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති. සිංහරාජයේ ජීවත්වන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය ද මේ ඉඩම පිහිටි ප්‍රදේශය හරහා වැටී තිබේ.
නෛතික භාවය සහ පරිසර අඛණ්ඩතාව යන සාධක සැළකු විට මෙම ප්‍රශ්නගත භුමිය 'සිංහරාජ අඛණ්ඩ කලාපය' ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි. යාල සහ කුමන ඇසුරින් ඊට පුර්වාදර්ශ ලබා ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
භාග්‍යා අබේරත්න සිසුවිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසු 'ගුරුගේ ඉඩම' ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
විවිධ පාර්ශව චෝදනා එල්ල කළ ද තමන් මෙහි වන විනාශයක් සිදුකර නොමැති අතර මෙය නීත්‍යනුකූල අයිතිය හිමි පුද්ගලික ඉඩම් බව 'ගුරුගේ පවුලේ' සාමාජිකයෝ පවසති.
නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර