ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේශීය ව්‍යවසායකයන්ට මග පෙන්වන ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වූ තරුණිය
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් පමණ කාන්තාවන් වුව ද ව්‍යවසායකයන් අතර කාන්තා නියෝජනය 10%ක් තරම් අඩු ප්‍රතිශතයක පවතින බව 'ගුඩ් මාර්කට්' සමාජ ව්‍යාපාරය සඳහා නායකත්වය දෙන අචලා සමරදිවාකර බීබීසී සිංහල සේවයට පැවසුවාය.
එබැවින් පරිසර හිතකාමී නිෂ්පාදන සහ කාබනික වගාවන්හි නියැලි ග්‍රාමීය කාන්තාවන්ගේ නිෂ්පාදනවල අගය වැඩි කරමින් ඒවා සුපිරි වෙළෙඳසල් වෙත යොමු කිරීමටත් අපනයන සඳහාත් මේ දිනවල වැඩි අවධානයක් යොමු කර ඇති බව ඇය පවසන්නීය.
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට 2012 වසරේ සිට ලබා දී ඇති නායකත්වය නිසා අචලා සමරදිවාකර ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායිකාවට හිමි සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන දිනාගෙන ඇති අතර ජාත්‍යන්තරව ද ඇගයීමට ලක්ව තිබේ.
"ගුඩ් මාර්කට් එක ඇත්තටම තියෙන්නේ කොළඹ හතේ. ඒත් අපිට අවශ්‍ය නෑ එක පැලැන්තියකට විතරක් වසවිස නැති කෑම දෙන්න. අපිට ඕනා ගමේ ඉන්න අයත් හොඳ ආහාර ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර