ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: 'ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සලට" පැමිණි පිරිසෙන් "අවදානම් තත්ත්වයක් මතුවීමේ ඉඩක්"
කෑගල්ල, හෙට්ටිමුල්ලේ ධම්මික බණ්ඩාර විසින් සකසන ලද ඖෂධයක් යැයි පැවසෙන 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සල" වෙත දහස් ගණනක පිරිසක් අඟහරුවාදා (දෙසැම්බර් 08) පැමිණ සිටියහ.
එම පිරිස පාලනය සඳහා පොලිස් නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද යොදවා තිබිණි.
එහෙත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ඒ තුළින් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවන අතර එය ඉතා භයානක තත්ත්වයක් බව ද කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ ගැනත් දැනගන්න: