ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් නව මකුළු විශේෂ 104ක් ලොවට හඳුන්වා දෙයි
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිසර විද්‍යා සහ පාරිසරික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මේ වන විට නව මකුළු විශේෂ 104ක් ලොවට හඳුන්වාදී තිබේ.
තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වාදීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් කරමින් ඔහු හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ 104 අතරින්, විශේෂ 82ක් සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වෙනත් රටවලින් හඳුන්වාදී ඇති මකුළුවන් විශේෂ ගණන 22කි. ඉන්දුනීසියාව (07), බ්‍රසීලය (04), මැලේසියාව (03), ඉන්දියාව (04), මැඩගස්කරය (01), ටැන්සානියාව (02) යන රටවලින් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් (01) එම නව මකුළු විශේෂ හඳුන්වා දී තිබේ.
තවත් ලිපි: