ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2020 පාර්ලිමේන්තු මැතිවරණය: බහුතරය අහිමි වුණොත් ගන්නා පියවර එජාප නායක රනිල් පහදයි
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලය අහිමි වුවහොත් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වෙනත් පාර්ශ්වයකට සහය නොදී විපක්ෂයේ කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
2019 ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද මිලියන දෙකත් දෙකහමාරත් අතර සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ අතර, පක්ෂයට නව මුහුණු හඳුන්වා දෙමින් යළි ඡන්ද පදනම ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.
සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත්ව ගොස් නව බලවේගයක් ගොඩ නැගීම, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් අයෙකුට පැවරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළේය.
මෙම තොරතුරු ද දැනගන්න: