ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්නාරමේ දී දඩයක්කරුවෙකුගේ ගොදුරක් වූ "ලෝකයේ ලොකුම කබල්ලෑවා"
Published
"ලෝකයේ විශාලම කබල්ලෑවා" ශ්‍රී ලංකාවේ, මන්නාරම ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
එම සොයාගැනීම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ඔස්සේ ලෝකයට ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
එහෙත් "ලෝකයේ ලොකුම කබල්ලෑවා" ලෙස වාර්තා පොත් වලට එකතු වන සත්ත්වයා මේ වන විටත් දඩයක්කරුවෙකුගේ ගොදුරක් වී අවසන්ය.