ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්ථීර නවාතැන් නොමැති 308 දෙනෙක් නීරෝධායනයට
Published
හිසට වහලක් නොමැතිව කොළඹ නගරයේ දිවි ගෙවූ 308 දෙනෙකු සිකුරාදා (අප්‍රේල් 17) නීරෝධායන මධ්‍යස්ථාන තුනක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීහු සහ පොලිසිය පියවර ගත්හ.
කොවීඩ්-19 වෛරසය ආසාදිත යයි තහවුරු වූ අයෙකු ඉහත කී පුද්ගලයන් ඇසුරු කර ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් සියලු දෙනාම නීරෝධායනයට යොමු කළ බවත් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ චන්ද්‍රපාල පැවසීය.