ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායක තනතුරින් ඉල්ලා අස්වේ
2019 ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට තම සුභපැතුම් පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
සජිත් ප්‍රේමදාස ඒ බව පවසන්නේ ජනාධිපතිවරණය පරාජය පිළිගනිමින් නිවේදනයක් නිකුත් කරමිනි.
තමන්ට ඡන්දය ලබාදුන් සියළුදෙනාට අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම නිවේදනය මගින් සිය ස්තුතිය පළකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ද වහාම ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස එම නිවේදනයේ සඳහන් කර තිබේ.
සිය ඉදිරි දේශපාලන ගමන ගැන නුදුරු අනාගතයේ දී තීරණයක් ගන්නා බවත් ඔහු සිය නිවේදනයේ සඳහන් කරයි.
සෙනසුරාදා (නොවැම්බර් 16) පැවැත්වුණු ජනාධිපතිවරණයේ කොට්ඨාස සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ප්‍රතිඵල තවමත් නිකුත්වෙමින් පවතී.
ඉරිදා (නොවැම්බර් 17) සවස් යාමයේ නිල වශයෙන් ජයග්‍රාහකයා නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.