ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය: ඡන්දය දැමීමට පෙර මේ ගැනත් දැනුවත් වන්න!
සෙනසුරාදා (නොවැ: 16) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ පූර්ව සූදානම් කිරීම් සිකුරාදා (නොවැ: 15) ආරම්භ කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සිකුරාදා දිනයේදී දිවයිනේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු යොදා ඇති බවය.
කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු කෙරෙන බව ඔහු පවසයි.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඡන්දය පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර අවසන් වී ඇති අතර ඡන්ද පෙට්ටි සහ අවශ්‍ය සියලු දේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බවය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව, 15,992,094කි.
ඒ අතරින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1751892කි. අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 281,114ක් වේ.
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය විමසීම සෙනසුරාදා (නොවැ: 16) පෙ.ව.7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන තුළ නොකළ යුතු දේ
ඡන්දය භාවිත කිරීම සදහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඉදිරිපත් කළේය.
- ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිසීමේදී අව් කණ්ණාඩි පැළදීම තහනම් වේ.
- ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සපුරා තහනම් වේ.
- අවසර ලත් ආරක්ෂක නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට ඡන්ද මධ්‍යස්ථාන තුළට ගිනිඅවි රැගෙන ඒම තහනම්ය.
- ඡන්ද දායකයින් ජාතික හැදුනුම්පත ද සමග ඡන්ද දැන්වීම් පත්‍රිකාව ද රැගෙන එන්නේ නම් පහසුවක් වනු ඇත.
මේ අතර, ආගමික කටයුතු මුවාවෙන් මැතිවරණ ප්‍රචාරණයේ යෙදීම නොකරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළේය.
ඔහු පැවසුවේ, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ යම් ප්‍රචාරණ කටයුතු සිදුවන අතර එය නතර නොකළහොත් සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදුවනු ඇති බවය.
තවදුරටත් කියවන්න: