ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අභාවයට යමින් පවතින රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම
රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට සීමාවූ සම්ප්‍රදායක කර්මාන්තයකි.
නොගැඹුරු මුහුදේ රිටක් සිටවා, ඊට හරස් දණ්ඩක් බැඳ සමබරතාව රැකගෙන මසුන් ඇල්ලීම මෙම සම්ප්‍රදායික කර්මාන්තයේ ප්‍රධාන ලක්ෂණය වේ. එම කර්මාන්තයේ නිරත ධීවරයන් අතීතයේදී මසුන් අල්ලා මුදල් උපයා ගත්ත ද දැන් එම ක්‍රමය වෙනස්වෙමින් පවතී.
වර්තමානයේ එම ධීවරයන් මුදල් උපයනු ලබන්නේ රිටිමත හිඳ මසුන් අල්ලන සුන්දර දසුන ඡායාරූප ගැනීම සඳහා සංචාරකයන්ගෙන් මුදල් අය කිරීම මගිනි. ඇතැම් සංචාරකයෝ එම රිටිමත නැග ඡායාරූප ලබා ගනී. ඒ සඳහා රුපියල් පන්සියක් හෝ ඊට වැඩි මුදලක් අය කරනු ලැබේ.
ගාල්ල, කොග්ගල, කතළුව සහ අහංගම යන ප්‍රදේශවල මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ නිරත අය වැඩි වශයෙන් වාසය කරති.