ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය 2019 : තරුණ තරුණියන්ගේ අදහස්
Published
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යටතේය.
එබැවින් 2018 ජුනි 01 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේදී සිය පළමු ඡන්දය භාවිත කරති.
තමන්ගේ ඡන්දයට වටිනාකමක් ලබා ගැනීම සඳහා ජාතික ආරක්ෂාව, ආර්ථිකය ශක්තිමත් කිරීම, රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සහ දේශීය සම්පත් ආරක්ෂා කිරීම වැනි නිර්ණායකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් සිය පළමු ඡන්දය භාවිත කරන බව තරුණ, තරුණියන් පිරිසක් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වමින් ප්‍රකාශ කළහ.