ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැරදි පාර පෙන්නුවේ පොලිසිය බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැඳී සිටි මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාව අසලට පැමිණීම නිසා එහි නොසන්සුන් තත්වයක් හට ගැනිණි.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සඳහා වෙන්කළ මාර්ගය වෙනුවට තමන් වැරදි මාර්ගයෙන් එම ස්ථානයට කැඳවාගෙන පැමිණියේ පොලිස් නිලධාරීන් බව ඇය රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවාය.
වසා ඇති මාර්ගය හරහා පා ගමනින් ගොස් මන්ත්‍රීවරියට සිය ආධාරකරුවන් සිටි ස්ථානය වෙත යෑමට පොලිස් නිලධාරීහු ඉඩ සලසා දුන්හ.
විශේෂ අවසර පත්‍රයක් නොමැතිව පා ගමනින් හෝ එම මාර්ගයට ඇතුළු වීමට අවසර දෙන්නේ කෙසේදැයි රැස්ව සිටි පිරිස පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කරනු දක්නට ලැබිණි.
කියවන්න: