ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරූ බව කියන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු එංගලන්තයේදී අත්අඩංගුවට
තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු එංගලන්තයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සෙනසුරාදා (ඔක්: 05) සහ ඉරිදා (ඔක්: 06) දිනයන්හි ඔවුන් ලූටන් ගුවන් තොටුපොළ වෙත ළගා වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
එංගලන්ත නාගරික පොලිසිය සදහන් කළේ, ඔවුන් 2000 වසරේ ත්‍රස්තවාදී පනත සහ 1984 වසරේ අපරාධ සාක්ෂි පනත යටතේ අත්අඩංගුවට ගැනුණු බවය.
මෙම සැකකරුවන් පිළිබද විමර්ශන නාගරික පොලිසියේ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට පත්වූවන්
මෙහිදී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු අවුරුදු 35, 39 සහ 41 වන වයස්වල පසුවන්නන් වෙති.
එම තිදෙනා මේ වන විට දකුණු ලන්ඩන් පොලිස් ස්ථානයේ රදවාගෙන සිටින බව පොලිසිය පවසයි.
මේ අතර, ඔවුන් සමග සිටි 35 හැවිරිදි කාන්තාවක නොවැම්බර් මස මුල් සතිය තෙක් ඇප මත මුදා හැර තිබේ. ඇය ඉදිරි විමර්ශනවලට යොදා ගැනීමට නියමිතය.
එංගලන්තයේ 2000 වසරේ ත්‍රස්තවාදී පනතේ 11 වන වගන්තිය අනුව තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරීම නීතියට පටහැනිය.
තවදුරටත් කියවන්න.