ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනා වෙනවා" වන්නියල ඇත්තෝ

Published

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් "කුඩා ළමුන් සේ හැසිරීම නිසා" ජාත්‍යන්තරය වශයෙන් රටේ ප්‍රතිරූපයට හානි සිදුව ඇතැයි තමන්ට හැඟෙන බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තෝ කියා සිටී.

"රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා."

"ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේවා පහත් තැනේ වැඩ පොජ්ජවල්."