ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උදයංග වීරතුංග රැගෙන ඒමට පොලිස් නිලධාරීහු ඩුබායි වෙත
පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.
මේ අතර උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.
රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා උදයංග වීරතුංග ප්‍රතික්ෂේප කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී වරෙන්තු පිට සිටි උදයංග වීරතුංග ද හිටපු ජනධිවරයා සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.
උදයංග වීරතුංග හිටපු ජනාධිපත්වරයාගේ පවුලේ ඥාතියෙකි.
උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඩුබායි වෙත යාමට නියමත බව පොලිසිය පවසයි.
සබැඳි යොමු: