ඇවන්ගාර්ඩ් නැව මුදාහරින්න - අධිකරණය

Published

ඇවන්ගාර්ඩ් සමාගමට සම්බන්ධ ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැව රුපියල් මිලියන 35 ක බැඳුම්කරයක් මත මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලි ලංකාපුර නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදීය.

නීති විරෝධී අවි ආයුධ සහ පතොරම් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත එම නෞකාව ආරක්ෂ අංශ භාරයට පත්කෙරිණ.

මේ අතර නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය සම්බන්ධ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුක්රේන ජාතික කපිතාන්වරයා පෙරේදා (23) නැවතත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලි ලංකාපුර හමුවට ඉදිරිපත් කෙරිණ.

කපිතාන්වරයා ලබන දෙසැම්බර් 07 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.