බැඳුම්කර ගණුදෙනුව : කෝප් වාර්තාව සිකුරාදා පාර්ලිමේන්තුවට

Published

මහා බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාව ලබන සිකුරාදා (ඔක්. 28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණ.

කාරක සභාවේ සියලු සාමාජිකයින් අදාළ වාර්තාවේ නිර්දේශවලට එකඟතාව පළ කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද දින අදාළ විමර්ශන අවසන් කළ කෝප් කමිටුව ලබන සිකුරාදා එම වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ඒකමතික තීරණයකට එළැඹුණේය.