ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උදය ගම්මන්පිල රිමාන්ඩ් භාරයට
Published
අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ජුලි මස පළමුවැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (18) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙසටයි ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.