ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජොහැන්නස්බර්ග්හි ඇතැම් පවුල් 'කොල්ලකෑ' ගොඩනැගිලිවල ජීවත්වන්නේ ඇයි?
ජොහැන්නස්බර්ග්හි ඇතැම් පවුල් 'කොල්ලකෑ' ගොඩනැගිලිවල ජීවත්වන්නේ ඇයි?
Published
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගර මධ්‍යයේ පිහිටි බොහෝ ගොඩනැගිලි, ජීවත්වීමට නුසුදුසු ඒවායැ යි සැලකෙයි. ඒවායින් එකක ඇතිවූ භයංකර ගින්නකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මියගියේ ය.
එහෙත්, අයිතිකරුවන් හෝ නගර බලධාරීන් විසින් අතහැර දමා ඇති මේ පැරණි ගොඩනැගිලි, මේ වන විට එම ගොඩනැගිලි පවත්වාගෙන යන අපරාධ කල්ලිවලට කුලී ගෙවන පවුල්වලින් පිරී ඇත.
නලජලය, වැසිකිලි හෝ නීත්‍යානුකූල විදුලි සැපයුමක් නොමැති මේවා අපරාධ කල්ලි විසින් "කොල්ලකාගෙන" ඇති බව පැවසේ.
මෙසේ 'කොල්ලකෑ' ජොහැන්නස්බර්ග් ගොඩනැගිල්ලක් පොලිසිය වටලන මොහොතක් මෙම වීඩියෝවේ එයි.