ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිලිපීන සෙනෙට් සභිකයෙකු පසුපස ආරක්ෂක අංශ නිලධාරීන් හඹායන අයුරු
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් වරෙන්තු නිකුත් කර ඇති සෙනෙට් සභිකයෙකු, තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන්ගෙන් මිදී සිය කාර්යාලය තුළ සැඟවීමත් සමග පිලිපීන සෙනෙට් මන්දිරය වසා දමා ආරක්ෂාව තර කිරීමට පියවර ගැනිණි. එහිදී වෙඩි හුවමාරුවක් ද සිදුවූ අතර, වෙඩි තැබුවේ කවුරුන් ද යන්න බලධාරීන් මෙතෙක් අනාවරණය කර නැතත්, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
සෙනෙට් සභික රොනල්ඩ් ඩෙලා රෝසා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, තමන්ව අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන් ම සිදුවනු ඇති බවත්, එය වළක්වන ලෙස පිලිපීන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය. ඔහුගේ වර්තමාන තත්ත්වය අනාවරණය වී නැත. හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සමයේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් පුද්ගලයන් දස දහස් ගණනක් ඝාතනය කිරීමට නායකත්වය දුන් බවට ඔහුට ජාත්‍යන්තර අධිකරණයෙන් චෝදනා එල්ල වී ඇත. දුතර්තේ 2025 මාර්තු මාසයේ සිට හේග් නුවර රඳවා තබාගෙන සිටියි.