'උතුරු කොරියාවට මුදල් යැවීම ඔත්තු බලන චිත්‍රපටයක් හා සමානයි'

'උතුරු කොරියාවට මුදල් යැවීම ඔත්තු බලන චිත්‍රපටයක් හා සමානයි'
Published

උතුරු කොරියාවෙන් පළා ගොස් දකුණු කොරියාවේ ජීවත් වෙන අය තම පවුල් වෙත මුදල් යැවීමට තැරැව්කරුවන් මත විශ්වාසය තබති.

දකුණු කොරියාවේ සිට මුදල් ගෙන්වා ගැනීමට උතුරු කොරියාවේ නිත්‍යානුකුල ක්‍රමවේදයක් නොමැති වීම නිසා තැරැව්කරුවෝ දැඩි අවධානමක් ගෙන මුදල් හුවමාරුව සිදු කරති.

මෑතක් වන තුරු, දකුණු කොරියාවේ බලධාරීන් විසින් මේ සඳහා යම් අවස්ථාවක් ලබා දුන්න ද තවදුරත් එය හිමි නොවේ. උතුරු කොරියාවෙන් පලා ගිය අයට තම ආදරණීයයන්ට මුදල් යැවීමට උපකාර කරන ඇතැම් තැරැව්කරුවන් සමඟ කතා කිරීමට බීබීසී කොරියානු සේවයට හැකි විය.