ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාත්‍රියේ දී සාගරය නිලෙන් දිදුළවන 'මායාකාර' ජෛව සන්දීප්තිය
Published
ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ වැසියෝ, රාත්‍රියේ දී සාගර ජලය නිල් පැහැයෙන් දිදුළවන ස්වභාවික සංසිද්ධියක් නැරඹීම සඳහා මේ දිනවල දී වෙරළ තීරයට පැමිණෙමින් සිටිති.
'ජෛව සන්දීප්තිය' - එනම්, සජීවී ජීවීන් විසින් නිකුත්වන දීප්තිය - ජලය කැළඹුණු විට දීප්තියක් විහිදුවන ශාක ප්ලවාංග වර්ගයක් නිසා ඇතිවන්නකි.
ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ සහකාර මහාචාර්ය ඩෲ ලූකස්, මෙම සංසිද්ධිය ඇතිවන ආකාරය මේ විඩියෝව හරහා විස්තර කරයි.