ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන භූ ගත පතලක සිදුවූ ගෑස් පිපිරීමක්
උතුරු චීනයේ ගල්අඟුරු පතලක සිදු වූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 120 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. ෂැන්සි ප්‍රාන්තයේ පිහිටි ලියුෂෙන්යු ගල්අඟුරු පතල තුළ සිදුවූ මෙම පිපිරීම් අවස්ථාව දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන එරට රාජ්‍ය මාධ්‍ය විසින් සඳුදා (මැයි 25) විකාශය කරන ලදී.
මෙම අනතුර 2009 වසරෙන් පසු චීනයේ සිදු වූ දරුණුතම පතල් අනතුර වන අතර, සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සඳහා උපරිම ශක්තිය යෙදිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබේ. මෙම ගෑස් පිපිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති වුවද, පතල තුළ තිබූ කාබන් මොනොක්සයිඩ් වායු මට්ටම "සීමාව ඉක්මවා" ගොස් තිබූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.